Introduction to the monologue course

Introduction to the monologue course

Introduction to the monologue course

(නැවත බඳවා ගැනීම් කෙරෙනතුරු , දැනට  මෙම පාඨමාලාවට කණ්ඩායම් බඳවාගෙන අවසන් බව කරුණාවෙන් සළකන්න.- නමුත් ඔබට අයදුම්කර තැබිය හැකියි)

✅අන්තර්ගතය :-තනිවම ඉගෙනීමට යෝග්‍යපරිදි, එක් පාඩමකට අදාළ Video එකක් , එහි transcript එක, dialogue එක හරහා ඔබට නොදැනී ආවරණය කෙරෙණ expressions, patterns හා vocabulary, එම විෂයකරුණුවලට අදාළ පරිවර්තන අභ්‍යාස සහ ඊට පිළිතුරු මෙන්ම තමන්ගේ දැනුම පරික්ෂාකරගැනීමට games අඩංගුවේ.

✅ Monologues පාඨමාලාවේ  ඇති මාතෘකා සහ ඉලක්කගත skills කෙටියෙන්.

  1. My self – Present Tense / Be verbs
  2. My pen – Present Tense / Be verbs / Introducing
  3. My hobby – Present Tense / Be verbs / Describing
  4. My family – Present Tense / Be verbs / Describing
  5. Introducing a guest speaker – to welcome/introduce someone
  6. How to start a presentation – Self-introduction / to address the audience
  7. A plant – long sentences / conjunctions
  8. Watching TV (as a hobby) – long sentences / conjunctions
  9. My favouirte film – long sentences / Past Tense / conjunctions
  10. Soma Thero – Personalities / Past Tense
  11. Water – Present Tense / long sentences

✅කතාකිරීමේදී අප ඒකපාර්ශ්විකව කතාකරන අවස්ථා හා දෙපාර්ශවයම කතාකරන අවස්ථා සඳහා සූදානම් විය යුතුය.

✅මෙම පාඩම් තවත් ඒකපාර්ශවික  සන්නිවේදනයකරන අවස්ථාවලට අදාළවයි. (අනෙක් පාර්ශවය ප්‍රකාශන හෝ ප්‍රශ්න යොමුකිරීම අවම අවස්ථා)

✅අපට භාෂාවක කරන කතාකිරීම මෙසේ පුහුණුවී අවසන් කළ නොහැක. නමුත් අපට ආසන්න අවස්ථා තෝරාගෙන නැතිනම් වර්ගකරගෙන ඒ සඳහා හුරුවිය හැක.

✅එහිදී අපට හැම දේම හුරුවීම අපහසුවක් නිසා අවම වශයෙන් එක් අවස්ථාවකට අදාළව මූළික පුහුණුවක් හෝ ලබාගැනීම අපට කළ හැක. ඒ පදනම මත පිහිටා නිශ්චිත අවස්තාවකට මුහුණදීමට අවශ්‍ය මූළික හැකියාවන් මෙම පාඩම්වලින් ආවරණය කර ඇත.

✅නිදසුනක් ගතහොත් , පුද්ගළයකු හමුවීමේදී හා වෙන්වීමේදී අදාළ greetings ඕනෑතරම් ඇත.  ඒ සියල්ල පුහුණිවීම කොලනොහැක්කකි. නමුත් ඕනෑම අවස්ථාවකට අධාළව අපට මූළික ආකෘතියක් පුහුණුවිය හැක. තවත් සරලව පැහැදිළිව කියනවානම්  Hi, Hello, How are you, What`s up, How have you been, Long time no see.. ආදී විවිධ බොහෝ ක්‍රම ඇත. නමුත් අප මින් 1-2 ක් වත් පුහුණු උනහොත් අපිට ඕනෑම විටක කතාවක් ගැටගසාගත හැක. තවද කතාවට අපගේ බිය පහවේ. පසුව අවශ්‍යනම් අපට කරන්නට ඇත්තේ  එම මූළික දැනුම ටිකෙන් ටික වැඩිකරගැනීමයි.

✅මෙම පාඩම් ශෛලියෙන් අපි උච්ඡාරණය,වචන ,කොටස් හා වාක්‍ය රටා ආදිය අප නොදැනීම පුහුණුවෙමු.

✅තවද මෙමගින් අපට ලැබෙන කතාකිරීමට ඇති භිය දුරුවීම සහ කතාකිරීමට අවශ්‍ය හිතට දැනෙන සූදානම ද වැදගත්වේ.

✅අවශ්‍යනම් වීඩියෝවලට සවන්දී උච්ඡාරණය පුහුණුවිය හැකියි. වීඩියෝවල එක් වැකියක් කිහිපවරක් කියවන්නේ ඔබගේ පහසුව සඳහායි.

✅පහතින් spoken English වලට අදාළ “කෙනෙකුට ඇමතීම – monologues ” පාඨමාලාව ගැන විස්තරය ලබාදී ඇත. අයදුම් කිරීමට පෙර හොඳින් කියවා වටහාගැනීමට කාරුණික වන්න.

✅මෙම පාඨමාලව ඉගෙනුම් ලාභියා ඉලක්කගත ක්‍රියාකාරකම් සහිත ඔබ මහන්සියෙන් හැදෑරිය යුතු ආකාරයට සැකසී ඇතිබව ද  සලකන්න.

❓monologues පාඨමාලාවේ තියෙන්නේ මොනවද?

✅ඉංග්‍රීසි කතාවට අදාළ පාඩම් 11 ක්.

✅එක් පාඩමක අන්තර්ගතය :- මාතෘකාවකට අදාළ කතාවක්, එහි වීඩියෝවක්, එහි ඉලක්කගත සක්‍යතා ඇතුලත් ව්‍යාකරණ විස්තරයක්  සහ ඔබට සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරකමක් බැගින්.

❓ක්‍රියාකාරකම් සම්පූර්ණ කරන්නේ කෙසේද?

✅පාඩමට අදාළව ක්‍රියාකාරකම පුහුණුවී එය voice හෝ video clip එකක් ලෙස 0762130616 WhatsApp අංකයට  එවීම පමණයි.

❓ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීම අනිවාර්‍යයද?

✅එය ඔබගේ තීරණයකි. නමුත් උපරිම ප්‍රතිඵල ලබාගැනීමට නම් අදාළ ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යය වේ.

❓ප්‍රතිලාභ මොනවාද?

✅ඔබට තනිවම ඉගෙනීමට පාඩම් මාලාව ලබාදී ඇත.

✅පැවරුම් ගොඩ නගා ඇත්තේ ඔබට නොදැනී ඔබගේ හැකියාවන් වර්ධනය කිරීමටයි.

✅ඔබ නොදැනීම කතාවට අවශ්‍ය උච්ඡාරණය, වචන ,රටා ,යෙදුම් ආදිය වර්ධනය වේ. තවද සභකෝලය දුරුවී කතාකිරීමේ විශ්වාසය වර්ධනය වේ.

✅පාඩම්වල වෙනම ව්‍යාකරණ විස්තරයක් ද ඇති හෙයින් ඔබට තනිව අසීමිතව අදහස් ගොඩනගාගැනීමට එය රුකුළකි.

✅ඉලක්කගත අවස්ථා සඳහා ආකෘතින්ට හැඩ ගැසීම නැතිනම් සූදානමක් ලැබීම.

✅තවද පාඨමාලාව හරහා ඔබට ඔබගේ හරි වැරදි අප හරහා නිවැරදි කරගැනීමට තිබීම මහඟු අවස්ථාවකි.

✅අපගේ වෙබ් අඩවියේ අමතර විශේෂ පාඩම් සඳහා සම්බන්ධතාවය.

❓පාඩම් අමාරුද?

✅වචන 15 ක පමණ සරලව My self වල සිට වචන 80 පමණ  තෙක් තරමක් සංකීර්ණ විවිධ මාතුකා 10 කට පාඩම් අඩංගුයි. ඉන් ඔබ කැමති ප්‍රමාණයක් සම්පූර්ණ කළ හැකියි.

❓මාඨමාලාවට පරිබාහිර උදවු ලැබෙනවාද?

✅නැහැ.

❓පාඨමාලාවට ඇතුළත්වූ පසු access ලැබෙන කාලය කොපමණ ද?

✅වෙනස් විය හැක.

❓පාඨමාලාවට ගාස්තු අයවෙනවද?

✅ දැනට 100% නොමිලේ.

❓පාඨමාලාවට ඇතුළත් වෙන්නේ කොහොමද?

✅පහත ඉංග්‍රීසි කතාව කටපාඩම්කර කැමරාව දෙස බලාගෙන එය කියන වීඩියෝවක් 0762130616 WhatsApp අංකයට එය එවීම  පමණයි. පසුව තෝරාගත් ඔබට password එකක් ලැබෙනු ඇති. (තෝරාගත් අය සඳහා වෙන්වූ groups වලට එකතුකිරීමට පෙර ඔබට මෙම වෙබ් අඩවියේ home page එක හරහා අපගේ පොදු WhatsApp groups වලට ඇතුළත්වී සිටිය හැකියි)

  1. Hi, I`m Nimal. – හායි , අයිම් නිමල්. (ඔබගේ නම යොදන්න )
  2. I live in Gampaha. – අයි ලිව් ඉන් ගම්පහ. (ඔබට අදාළ ස්ථානය යොදන්න)
  3. I`m a student. – අයිම් අ ස්ටුඩන්ට්. (teacher/doctor/carpenter.. ලෙස ඔබට අදාළව)
  4. I really want to improve my English because ..( මෙතනට අදාළ හේතුවක් මේආකාරයට එකතුකරන්න – English is an international language./I want to pass … exam/I want to make new friends..) – අයි රියලි වෝන්ට් ටු ඉම්පෘව් මයි ඉංග්ලිෂ් බිකෝස් …
  5. Thanks. තැන්ක්ස්.

ඉහත ආකාරයට අයදුම්කළ සිසුන් පිරිසක් පහත වීඩියෝවෙන්

(ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිනොවන පරිදි පළකර ඇත)

❓අයදුම් කිරීමට වෙනත් ක්‍රම තියෙනවද?

✅නැහැ.

❓කොපමණට පිරිසක් ඇතුළත් කරගන්නවාද?

✅එක් වරකට සීමිත පිරිසක් පමණයි. නමුත් නිවැරදිව අයදුම් කරන සියළු දෙනාට පසුවී හෝ අවස්ථාවක් ලබාදීමට අපගේ උත්සහයයි.

❓පාඨමාලාව කවුරුන් සඳහාද?

✅වයස් භේදයක් නැත. මූළික දැනුමක් අවශ්‍ය නැත. තමන්ට අවංකව මහන්සිවී මග පෙන්වීමක් යටතේ දැනුම වැඩිකරගැනීමට කැමති ඔනෑම අයෙකුට.

❓ පාඨමාලාව තියෙන්නේ කොහේද?

✅පාඩම් මාලාව තියෙන්නේ අපේ වෙබ් අයිට් එකේ. ඔබට feedback ලැබෙන්නේ WhatsApp එකේ. බඳවාගත් කණ්ඩායම්වලට Zoom classes  සිදුවේ.

❓අවසන් කිරීමට නියමිත කාලයක් තියෙනවද?

✅දැනට නැහැ. නමුත් මෙහි ඉදිරියේදී වෙනස්කම් සිදුවීමට නියමිත හෙයින් දැනට ලැබෙන වාසි, ඉක්මන් වන ඔබට ලැබෙනු ඇති. “The early bird catches the worm.”

✅ Spoken English වලට අදාළ “යමෙකු සමග කතාකිරීමට අදාළ dialogues” පාඨමාලාවට  ඇතුළුවී ඊලඟට ලැබෙන පියවරේදී admin අංකයට වීඩියෝවක් එවා ලබාගත්  password එක යොදා ඇතුළුවන්න.

No Comments

Post A Comment