විනාඩියෙන් ඉංග්‍රීසි ? ඉංග්‍රීසි ඉගෙනීමට කොපමණ කාලයක් ගතවේද?

විනාඩියෙන් ඉංග්‍රීසි ? ඉංග්‍රීසි ඉගෙනීමට කොපමණ කාලයක් ගතවේද?

 

“Fluent English in one month” මසකින් චතුර ඉංග්‍රීසි

“Spoken English in three months” කතාකරන ඉංග්‍රීසි මාස තුනකින්

“Speak English in 30 minutes” විනාඩි 30 කින් ඉංග්‍රීසි කතාකරන්න

“Complete English Course in 10 Minutes”  මිනිත්තු 10 කින් සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාලාව

ඉහත මාතෘකා පුරුදුයි නේද? ඔබ ඕනෑ තරම් දැක ඇති දිනකින් සතියකින් මසකින් ආදී වශයෙන් නිශ්චිත කෙටි කාලයකදී ඔබට ඉංග්‍රීසි ඉගැන්වීමට පොරොන්දු දෙන,

·         Online/Offline English Courses

·         Online/Offline English Teachers

·         Online English Pages

·         English YouTube channels

·         English CD

·         English Books

·         English Web sites

·         English Mobile Apps

·         English SMSs

·         Online/Offline English Programs ආදිය.

 

මේ දිනවල මා නෙත ගැටුණ එවැනි Facebook add එකක්නම් විනාඩි 30 කින් ඉංග්‍රීසි ඉගැන්වීමයි. මෙය විය හැක්කක්දමෙය බොහෝ දෙනෙක් අපගෙන් විමසන ගැටලුවකි. එසේ විමසන  ඔවුන්ගේ අවශ්‍ය තාවයද හැකි ඉක්මණින් ඉගෙනීමයි. අපි කවුරුත් කැමති කෙටි කළකින් ඉගෙනීමටයි.

“ මට සතියකින් interview එකක් තියෙනවා …

 “ මම තව මාසයකින් රට යන්න ඉන්නේ …

“ විභාගේට සම්මානයක් දාගන්න ඕනේ පුලුවන්ද ඉක්මණින් කරගන්න …” මේ සමහරෙකුගේ ප්‍රශ්නයි. මෙවැනි ප්‍රශ්න වලින් අපගේ Free English In Sinhala Facebook page එකේ inbox නිතර පිරෙයි. මෙම messages කියවීම සිනහවට කරුණක් වූවත් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම කාලය ගතවන දෙයක් වූවත්  ඔවුන්ට හැකි හැමවිටම පිළිතුරු දීමට මා උතහගන්නේ , ඇත්තටම ඒ ඔවුන්ගේ අවශ්‍යතාවයයි. අසරණකමයි. නොදැනීමයි. ඔවුන්ට නිසි පිළිතුරක් නොලැබුනහොත් ඔවුන් ඔවුන් නවතින්නේ දහස්ගණන් මුදල් නිකරුණේ වියදම් කරගෙන විය හැක. විෂය අත්හැර දමා විය හැක. ජීවිතයේ ඉලක්ක සපුරා නොගෙන විය හැක. ඉතින් මා වෙන එන එවැන්නන්ට පොදුවේ පිළිතුරක් ලබාදීමත් මාගේ පහසුව වෙනුවෙනුත් ක්ෂේතර්යේ යහපත වෙනුවෙනුත් මෙවැනි දීර්ඝ ලිපියක් ලියා තබන්නට තීර්ණය කළෙමි. නිදහස්  සිතින් කියවන්න.

මම ඔබගේ ජීවිතකාලයටම වැදගත් hack එකක් කියලා දෙන්නම්. මතක තියාගන්න. ඉහත ප්‍රශ්න වලට  මම ඔබට පිළිතුරු ලබාදෙන්නේ පෙරළා ඔබගෙන් ප්‍රශ්නයක් ඇසීමෙනි.

“ මට සිංහල අමාරුයි. සිංහල ඉගෙනගන්න කොච්චර කාලයක් යාවිද?”  සුද්දෙක් ඔබගෙන් විමසුව හොත්…?

ඔබගේ පිළිතුර..? මේ සඳහා කුමක් වනු ඇතිද?

“පැය බාගයයි?” “ දිනකින්?” “සතියකින්? ““මාසයයි?” “මාස දෙකයි?” “තුනයි?” “වසරක්?”..

මෙය විදේශිකයෙකු ඔබගෙන් විමසුවායැයි සිතන්න. ඊට ඔබ ඔහුට හෝ ඇයට ලබාදෙන පිළිතුර ඔබ ඉංග්‍රීසි ඉගෙනීමට ගතවන කාලයට අදාළ ප්‍රශ්නයට ද ගළපාගන්න. මෙය ඉංග්‍රීසි ඉගෙනීමට සම්බන්ධ කාලය පමණක් නොවේ  ඔබගේ සියළුම ඉංග්‍රීසි ප්‍රශ්නවලට පාහේ පිළිතුරු ලබාගත හැකි ක්‍රමයයි. යමෙකු ඔබගෙන් සිංහල ගැන විමසනවායැයි සිතන්න.

ඔවු ,

සිංහලයි ඉංග්‍රීසියි වෙනස් තමයි.

සිංහල තරම් ඉංග්‍රීසි අමාරු නෑත් තමයි.

එහෙත් මින් යම් ආසන්නම හා ප්‍රායෝගිකම පිළිතුරක් ඔබට ලබාගත හැකියි. කිසිවකුගෙන් විමසිය යුතු නොවේ.

අවාසනාවට මෙය ඔබට කිසිදු පන්තියක කිසිදු පාඨමාලාවක කිසිදු ගුරුවරයෙකු නොකියන එමෙන්ම  සඟවන තිත්ත ඇත්තයි. භාෂාවක් ඉගෙනීම යනු කලක් ගතවන ගමනකි. ඉගෙනීම යනු ගමනාන්තයක් නොව ගමනකි. විශේෂයෙන් භාෂාවක් ඉගෙනීම. එම ගමන ඔබ කෙතෙක් දුර යනවාද ? යන්නේ කෙසේද? කා සමගද? කොපමන වේගයකින්ද ඔබ තීරණය කළ යුතුයි. ඒ වෙනත් පාර්ෂවයක් නොවේ. ඔබ ඔබගේ ගමනාන්තයට ගමන් කිරීමට යොදන ..

1.කාලය

2.වේගය

3.ක්‍රම ආදිය අනුව ඔබගේ ගමන තීරණයවනු ඇත.

මීට අමතරව මේ ගමනේදී ,

·         නිවැරදි ක්‍රම වේද.

·         නිවැරදි මග පෙන්වීම.

·         ඉගෙනුම් පරිසරය.

·         අවශ්‍යතාවය.

·         අඛන්ඩබව. වැනි  ගොඩක් කාරනාත් බලපානවා

ගමනක් යාමට අදාළ පහත මේ කරුණුත් සංසන්දනය කරබලන්න ;

·         ඔබගේ ගමනාන්තයට ලඟාවීමට ඔබ ඒ වෙනුවෙන් කොපමන කාලයක් කැපකරයිද?

·         ඔබ ගමන් කරන්නේ පයින්ද?

·         පාපැදියකින්දබසයකින්ද?

·         නැතිනම් කා එකකින් හෝ අහස්‍ යානයකින්ද?

·         ඔබ ඊට ලඟාවීමට භාවිතාකරන ක්‍රම මොනවාද?

·         ගුවනින්දගොඩ බිමින්ද?ජලයෙන්ද?

·         මුදල් වියදම් කරයිද?

·         මගපෙන්වන්නෙක් නැතිනම් උපදේශකයෙකුගේ සහය ලබාගනීද?

·         ඔබ මග දනීද?

·         මාර්ග සිතියමක් ඔබ සතුද?…

භාෂාව ඉගෙනීමට ද මෙවැනි කාරණා ද බලපානු ඇත.

මතක තබාගන්න ඔබට පහත ප්‍රශ්නවලට පිළිතුරු ද සහ ඊට ලැබෙන පිළිතුරුවලට අනුව ක්‍රියාකාරී වීමටද හැකිනම් ඔබ ඉංග්‍රීසි ඉගෙනීමේ ඒ ගමනේ සාර්ථක මගියෙකු වනු නියතය. ඒ ප්‍රශ්නම්,

1.      What – ඔබ ඉගෙනග්න්නේ කුමක්ද ( විෂය කරුණක් නම් එහි භාවිතය. පාඨමාලාවක්නම් එහි උපයෝගීතාවය. ඔබ වෙනුවෙන් වෙනකෙකු නොව එය  ඔව දැනගත යුතුයි)

2.      Why – ඔබ ඉගෙනගන්නේ කුමකටද (විෂ්‍යකරුණක් පමණක්නම් එහි ප්‍රවෝජනය . පාඨමාලාවක්නම් එහි  අවසන් අරමුණ කුමක්ද ආදිය.  )

3.      How – ඔබ ඉගෙනගත යුත්තේ කෙසේද ( විෂය කරුණක්නම් එය ප්‍රගුණකිරීමේ  ක්‍රමවේද, කාලය ආදී සියල්ල දැනගත යුතුයි.. පාඨමාලාවකට අදාළවනම් ගුරුවරයෙකුට මෙම වගකීම භාර දෙයිනම් ඔහු හෝ ඇය ගැන ඔබට විස්වාසයක් තිබිය යුතුයි.)

(මෙම කාරණා 3 ගැන මට වෙනමම ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙමි)

·         පළමුව මෙම ප්‍රශ්නවලට ඔබ තනිවම හෝ තවෙකුගේ සහයෙන් (ඕනෑම ඔබට ප්‍රිය අයෙක්,පොතක් ,සයිට් එකක්,App එකක්  … මගින් ) පිළිතුරු සොයාගත යුතුය.

·         දෙවනුව පෙර කී ලෙසම  ඔබ ක්‍රියාත්කමක විය යුතුය. (තනිව හෝ සහය ඇතිව)

·         තුන්වනුව එම ක්‍රියාත්මකවීම ඉලක්ක සපිරෙන තෙක්  අඛණ්ඩ විය යුතුය.

·         වැදගත්ම දේනම් ඔබගේ ගමනේ අත්කරගැනීම් සම්බන්දව ඔබ සතුටු විය යුතුය. එම සතුට උද්ධාමය ඔබ තවතවත් ඉදිරියට රැගෙන යනු ඇත.

එසේ නොමැතිව short cuts සොයා යාම අනුමත කළ නොහැක. මතක තබාගන්න ඔබට මුළින් කී පරිදි එවැනි නිශ්චිත කෙටි කාලයකින් ඉංග්‍රීසි උගන්වනවායැයි පොරොන්දු වනවානම් ඒ ඔවුන් නියත වශයෙන්ම ඔබට යමක් විකිනීමට ගන්නා උත්සහයකි. ඔවුන් marketing වලට උපන් හපන් අයයි. ඔවුන් ඔබගේ දැවෙනා භාෂා ප්‍රශ්න හඳුනයි. දුරවලතා හඳුනයි. අවශ්‍යතාවයන් හඳුනයි. එම කරුණු ඔවුන්ගේ භාණ්ඩය ( හොඳ හෝ නරක වේවා) ඔබට අලෙවිකිරීම සඳහා භාවිතාකරන්නේ කෙසේ දැයි ඔවුන්  හොඳින් දනී.

මෙහිදී එවැනි වෙළඳුන්ගේ පැත්තෙන් යම්  සාධාර්ණයක් ද  ඇත. මන්ද මා මෙම ලිපියේ සඳහන් කරනා කරුණු ඔවුන් ඔබට කෙලින් කියා ඔවුන්ට ඔවුන්ගේ භාණ්ඩය ඔබට විකිණීමට ඔවුන්ට  හැකිවේදැයි ඔබ සිතයිද? කොහෙත්ම නැත. අපි හැමෝම කැමතියි ලෙහෙසි පහසු කෙටි ක්‍රමවලට. ඔවුන් කරන්නේ අඩු කාලයකින්, අඩු මහන්සියකින්,පහසුවෙන්  සපුරාගැනිමට ඔබට ඇති අවශ්‍යතාවය clickbait එකක් කරගෙන ඔවුන්ගේ නිශ්පාදනය අලිවි කිරීමයි. මෙය පුළුල් මාතෘකාවක් නමුත් සරල නිදසුනක් කියනවානම්,

“දෙයියනේ! ඉංග්‍රීසි විනාඩියෙන් ඉගෙනගත හැකිබව දැන සිටියාද?”

මෙය දුටුවිට ඔබ ඊට යොමුවීම අරරුමයක් නොවේ. සමහර විටෙක අපද මේ ආකාරයේම නොවුනත් යම් සමාණකමක් ඇති එවැනි ආකාර්ෂණීය ක්‍රම භාවිතාකර ඇත.

නිදසුනක් තවත් විග්‍රහකරගනිමු. English in One Minuet. මිනිත්තුවකින් ඉංග්‍රීසි. මෙලෙස thumb nail එකක් ඔබ දුටුවිට. ඔබ නිතැතින්  ඊට යොමුවේ. නමුත් ඔබ ඔවුන්ගේ නිශ්පාදනය මිලදීගෙන වේලාවකින් එය අඛණ්ඩ ක්‍රියාවලියක එක් පියවරක් පමණක් බව වටහාගනියි. ඒ වනවිට ඔවුන්ගේ අවශ්‍යතාවය සපිරී අවසානයි.

මෙම අළෙවිකරනය මහා පාපයක් ලෙස මම හඳුන්වන්නේ නැත. ඒ ඔවුන්ගේ strategy එකයි. නමුත් ඔබ යමෙකුට හසුවනවානම් දැනගෙන හසුවන්න. English In One Minute කියල කවුරුහරි කියනවානම් ඉන් අදහස්කරන්නේ කුමක්ද, ඔබට බලාපොරොත්තුවිය හැක්කේ  කුමක්ද වැනි දේ ගැන අවබෝධයකින් ඒ වෙත යොමුවන්න. නිදසුනක් ලෙස “ All idioms in 1o minutes “ ලෙස දුටුව හොත් අවමව ඉන් තමන්ට අද දවසට ඉංග්‍රීසි වචන දෙක තුනක් වත් කියෙව්වා යන සංතෘප්තිය දැනෙනු ඇතැයි යන අවශ්‍යතාවයෙන් ඊට යොමුවන්න.

අපගෙන් නිදසුනක් ගනිමු.

Free English In Sinhala අපගේ වසර ගණනක් පුරා කරගෙන එන සේවාවයි. මෙම නම අප  භාවිතාකිරීමට හේතු ඇත. අපගේ නමට Free (English for fee/Free style) යන්න නොමිලේ සේවාව ලබාදීම කළයුතු නිසා යෙදූවකි. එය මූළික ගුනාංගයකි. In Sinhala යන්න යෙදුවේ ඉංග්‍රීසි ඉංග්‍රිසියෙන් මිලියන ගණන් සම්පත් අන්තර්ජාලයේ ඇති නිසාත් , ලංකාවේ අහිංසකයන්ට ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න පුළුවන්නම් ඔවුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට වෙනෙකෙකු අවශ්‍ය නැතිනිසාත් , මාහට සිංහලෙන් ඉංග්‍රීසි ඉගැන්වීමට තිබූ අවශ්‍යතාවය යන කරුණු නිසයි. අපගේනමේ ඇති  English යනු අප ස්‍රී ලාංකිකයින්ට ලබාදෙන මූළික සේවයයි. මෙහි මාගේ main point එක මෙයයි  , අප Zoom classes, FB classes, WhatsApp classes ආදීවශයෙන් 100% නොමිලේ සේවන් රැසක් මේවන විට ඔබට ලබා දී ඇතිබව අප සමග සිටිනා බොහෝදෙනා දනී. මේ ලිපිය ලියන විට පාඩම් 300 කට වැඩියෙන් සහිත ලංකාවේ විශාලම ඉංග්‍රීසි සිංහලෙන් පාඩම් මාලාව සහිත Free English In Sinhala අපගේ  YouTube චැනලය අඛණඩව නොමිලේ සේවය සපයමින් පවතී. එය මාහට තිබූ ඉලක්කයකි. නමුත් මෙහිදී අපි ත් ඔබව “පූන්චියට” හෝ රවටා නැතිද?

·         Free කිව්වට YouTube පාඩම් monetize කරලනෙ තියෙන්නේ. වීඩියෝ බලනවිට ඔබගෙන් තත්පර කිහිපයක් ඊට වැයවෙනවනෙ .

·         English කිව්වට සිංහලෙන්නෙ  උගන්වන්නේ.

·         In Sinhala කිව්වට වැඩියෙන් තියෙන්නේ ඉංග්‍රීසිනේ.

විහිළුවක් වගේ නම් තමයි , නමුත්  මෙය ඔබ අප වෙත එනවිටම දැන සිටිය යුතුයි. එපමණක් නොව දැන් වසර ගණනක 100% නොමිලේ සේවාවන්ට අමතරව ඉතා සුළුවෙන් හෝ මුදල් ගෙවා ලබාගත හැකි (දහස් ගණන් වැයවන) පාඨමාලාත් අප දැන් ලබාදීල තියෙනව. ඒ කියන්නේ 95% ක් free උනාට 5% වගේ paid content තියෙනව. ඉතින් පුන්චියට හෝ අප ඔබව රවටා නැතිද? අපිට එහෙම කියන්නත් පුළුවන්. ඉතින් මෙය වටහා ගත යුතුයි. වැදගත්ම දේනම්, මෙහි සහ පෙර කී මුලාවීමේ වෙනසද ඔබ  වටහා ගැනීමයි.

එසේ නොවුනහොත් ඔබ English ජීවිතයටම අතැරීමට එය හේතුවක් වනු ඇත. එය ඔබට , මෙම ක්ෂේතයට පමණක් නොව රටටම හානියකි. මිනිසුන්ට ඉංග්‍රීසි “අරහං” වූවිට එසේ විය හැක.

තවත් දෙයක් ඔවුන්ට ඔබ හසුවූවාට කම්නැත. එය දැනගෙන යොමුවන්න. නමුත් මුලින් ඔබ තහවුරු කරගන්න පෙරකී පරිදි ඔබට අවශ්‍ය දේ ඔබට ලැබෙනවාද නැතිද යනවග ආදිය.

NB – මෙම ලිපිය කිසිවකු විවේචනය කිරීම හෝ  පහත්කොට සැලකීම වැනි අරමුණකින් සටහන් කරන ලද්දක් නොව. අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් කරන ලද්දකි. තවද ලිපියේ  මුලින් මා කී ““Complete English Course in 10 Minutes”  මිනිත්තු 10 කින් සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාලාව” මා විස්තරකළේ  නැත. ඒ ගැන ද වෙනම ලිපියක් බලාපොරොත්තුවන්න.

ජය සතුට!

Free English In Sinhala

 

No Comments

Post A Comment